2017 ඔක්තෝබර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-10-09

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ :  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපත ලැබී ඇති බව
‘C’ :  “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත” සම්මත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය වාර්තා

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX කොටස, තුන්වැනි කාණ්ඩයේ VII කොටස, අටවැනි කාණ්ඩයේ III කොටස සහ නවවැනි කාණ්ඩයේ IV කොටස;  සහ
  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I කොටස සහ තෙවැනි කාණ්ඩයේ I කොටස


වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 5 වගන්තියේ (2) උපවගන්තිය සහ 19 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 සැප්තැම්බර් 22 දිනැති අංක 2037/ 23 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත  2017 සැප්තැම්බර් 08 දිනැති අංක 2035/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ  පළ කරන ලද නියෝග
(ii)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 12, 14 සහ 22 වගන්ති සමඟ  කියවිය යුතු 32 වගන්තිය යටතේ, සුරාබදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 28 දිනැති අංක 2029/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය


(iii)    2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ
(iv)    2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ
(v)     2015 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා


(vi)    2015 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ
(vii)   2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ
(viii)  2016 වර්ෂය සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු නිරෝෂන් පෙරේරා මහතා                     
(ii)   ගරු රංජිත් අලුවිහාරේ මහතා                      -   පෙත්සම් හයයි         
(iii)  ගරු බුද්ධික පතිරණ මහතා                        -    පෙත්සම් හතරයි
(iv)  ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා            
(v)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා             -    පෙත්සම් හතයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
සිදුවිය හැකි ඉන්ධන මිල වැඩිවීමක්  පිළිබඳ පුවත්පත් වාර්තා

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2018 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම ‍සඳහා ද වූ

“විසර්ජන”

නමැති පනත් කෙටුම්පත ගරු වැඩබලන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු දිනේෂ් ගුණවර්ධන මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    මහ නගර සභා (සංශෝධන)
(ii)   නගර සභා (සංශෝධන)
(iii)  ප්‍රාදේශීය සභා (සංශෝධන)
(iv)  රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන)

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විදේශ සමාගමකට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1703 ට 2017 ඔක්තෝබර් මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.