ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 සැප්තැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-09-26

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ :  2017 ඔක්තෝබර් මස 3 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම හා සම්බන්ධ ආරක්ෂක විධිවිධාන
‘C’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් පිළිගන්වන ලදී.

(iii)    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා            -    පෙත්සම් දෙකයි        
(ii)   ගරු එඩ්වඩ් ගුණසේකර මහතා                  
(iii)  ගරු බුද්ධික පතිරණ මහතා               -    පෙත්සම් තුනයි          
                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු අනුර දිසානායක මහතා
නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ මාරුවීම්

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    මහ නගර සභා (සංශෝධන) - (252 වන අධිකාරය වූ) මහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(ii)   නගර සභා (සංශෝධන) - (255 වන අධිකාරය වූ) නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.
(iii)  ප්‍රාදේශීය සභා (සංශෝධන) - 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(ii)   උදර්පන පනත යටතේ නියමයන් හතරක්

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2017 ඔක්තෝබර් මස 3 වැනි අඟහරුවාදා පැය 1430 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි