2017 සැප්තැම්බර් මස 22 වැනි දින සභාවේ වැඩකටයුතු |
දිනය : | 2017-09-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’: පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියංකර ජයරත්න මහතා වෙනුවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිසිර ජයකොඩි මහතා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය පිණිස සාමාජිකයෙකු වශයෙන් පත් කිරීම.
‘B’: පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිසිර ජයකොඩි මහතා වෙනුවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පියංකර ජයරත්න මහතා නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාවේ සේවය පිණිස සාමාජිකයෙකු වශයෙන් පත් කිරීම.
‘C’: අතිරේක පාර්ලිමේන්තු රැස්වීම් දිනයන් පිළිබඳ දැනුම්දීම -
- 2017 සැප්තැම්බර් මස 26 වැනි අඟහරුවාදා
- 2017 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා (ශ්‍රී ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ 70 වැනි සැමරුම සඳහා විශේෂ රැස්වීම් දිනය)
- 2017 ඔක්තෝබර් මස 09 වැනි සඳුදා
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම., - පෙත්සම් දෙකයි
(ii) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම., - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.)
ප්‍රධාන වැඩකටයුතු
අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂයය අංක *1 සිට *3 දැක්වෙන පහත සඳහන් අයිතමයන් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති කුඩා පරිමාණ ධීවරයින්ට සහන සැලසීම සඳහා රජය කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කිරීම” පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් යෝජනා කිරීම.
පාර්ලිමේන්තුව 1846 පැයට 2017 සැප්තැම්බර් මස 26 වැනි අඟහරුවාදා 1300 පැය දක්වා කල් තැබීම.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






