2017 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ වැඩකටයුතු |
දිනය : | 2017-09-21 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
කාර්ය සාධන වාර්තා
(i) 2016 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව
(ii) 2016 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව
(iii) 2016 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා විසින් පිළිගැන්වීම.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.,
(ii) ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.,
(iii) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා, පා.ම.,
(iv) ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.,
(v) ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා, පා.ම.,
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ජනතාව සඳහා උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට “සමෘධි සහන” සහ අනෙකුත් විකල්ප සහන වැඩිකිරීම.
අමාත්‍යාංශ නිවේදන
(i) “යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ සියදිවි හාණිකරගැනීමට තැත්කිරීම් වර්ධනයවීම” පිළිබඳව ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අද දින ඇසූ ඉහත සඳහන් ප්‍රශ්නයට සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය, ගරු එස්. බී. දිසානායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) “ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහි යුධ අපරාධ පිළිබඳව ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව රජයේ ස්ථාවරය” පිළිබඳව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2017.09.06 දින ඇසූ ප්‍රශ්නයට සංවර්ධන කාර්යභාර අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(iii) “සහල් සඳහා පාලන මිලක්” පිළිබඳව ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2017.09.06 දින ඇසූ ප්‍රශ්නයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිසාඩ් බදියුදීන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
ප්‍රධාන වැඩකටයුතු
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක *1 ලෙස දැක්වෙන “ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත” - විවාදය කල් තබන ලද ප්රශ්නය (2017 මාර්තු 08), දෙවැනි වර කියවා පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව යථා පරිදි සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
‘රොහිංගියා ප්රශ්නය’ කඩිනමින් විසඳීම සඳහා ශ්‍රී ලංකා රජයට මැදිහත් වන මෙන් ආයාචනා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා විසින් යෝජනා කිරීම.
පාර්ලිමේන්තුව 1857 පැයට 2017 සැප්තැම්බර් මස 22 වැනි සිකුරාදා 1030 පැය දක්වා කල් තැබීම.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






