2017 සැප්තැම්බර් මස 20 වැනි දින සභාවේ වැඩකටයුතු |
දිනය : | 2017-09-20 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(අ) වාර්ෂික වාර්තා
(i) 2014 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය
(ii) 2014 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය
(ආ) කාර්ය සාධන වාර්තා
(iii) 2016 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
(iv) 2016 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
(v) 2016 වර්ෂය සඳහා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට එකී කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගැන්වීම.
(ii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගැන්වීම.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.,
(ii) ගරු එස්. වියාලේන්දිරන් මහතා, පා.ම.,
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්, සෙයීඩ් රා’අද් අල් හුසේන් කුමරා විසින් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට විරුද්ධව නිකුත් කරන ලද ප්‍රකාශය නිශේධනය කිරීමට ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වන අලින් විසින් සිදුකරන හානි නිසා උතුරු පළාතේ වවුනියාව උතුර ප්‍රදේශයේ, සහ මන්නාරම, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ගම්මානයන්හි ජීවත්වන ජනතාව මුහුණදී ඇති උවදුරු සහ චාවාකච්චේරි ඇතුලු ප්‍රදේශ කීපයක ජීවත්වන ජනතාව වඳුරන් විසින් සිදුකරනු ලබන විනාශයන් නිසා පත්වී ඇති උවදුරු සඳහා සහන සැලසීම.
අමාත්‍යාංශ නිවේදන
තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් මතු කරන ලද ඉහත ප්‍රශ්නයට පිළිතුරු සැපයීම.
ප්‍රධාන වැඩකටයුතු
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක *1 ලෙස දැක්වෙන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයෙන් (නොපැමිණි මන්ත්‍රීන් ද ඇතුලුව) යථා පරිදි සම්මත කිරීම.
පාර්ලිමේන්තුව 2054 පැයට 2017 සැප්තැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා 1030 පැය දක්වා කල් තැබීම.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






