2017 සැප්තැම්බර් මස 19 වැනි දින සභාවේ වැඩකටයුතු |
දිනය : | 2017-09-19 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලාසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය.
‘B’: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(අ) කාර්ය සාධන වාර්තා
(i) 2016 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය
(ii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව
(iii) 2016 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
(iv) 2016 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය
(ආ) පනත් යටතේ නියෝග
(v) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 අගෝස්තු 01 දිනැති අංක 2030/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගැන්වීම.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.,
(ii) ගරු සාලින්ද දිසානායක මහතා, පා.ම.,
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
රාජ්‍ය සේවය සඳහා සියලු බඳවා ගැනීම් ජනගහන අනුපාතය අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 15/1990 ප්‍රකාරව සිදු කිරීම.
අමාත්‍යාංශ නිවේදන
(i) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින්ඉදිරිපත් කිරීම.
(ii) ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් මතු කරන ලද ඉහත ප්‍රශ්නයට පිළිතුරු සැපයීම.
පෞද්ගලික පැහැදිලි කිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීම.
පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම
(i) 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා වූ “පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කිරීම.
(ii) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත ගරු විදේශ රැකියා අමාත්‍යතුමිය සහ අධිකරණ අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කිරීම.
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත්
“ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 29 දරන ශ්‍රී ලංකා රිෆායි තරීක් සංගමය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත” ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතාට අවසර ලබා දීම.
ඉහත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කිරීම.
ප්‍රධාන වැඩකටයුතු
අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක *1 ලෙස දැක්වෙන මෝටර් වාහන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සංශෝධන සහිතව සම්මත කිරීම.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කිලිනොච්චිය නගර සභාව, කන්ඩාවලෙයි ප්‍රාදේශීය සභාව සහ කරච්චි ප්‍රාදේශීය සභාව ස්ථාපනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කිරීම.
පාර්ලිමේන්තුව 1836 පැයට 2017 සැප්තැම්බර් මස 20 වැනි බදාදා 0930 පැය දක්වා කල් තැබීම.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






