2017 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-08-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ : “පළාත් සහා ජන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘C’ : “ඉ-චේම්බර්” ව්‍යෘපෘතිය
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව පළමු කාර්තුව සඳහා (2017.01.01 දින සිට 2017.03.31 දින දක්වා) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර උදර්පන ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 20 දිනැති අංක 2024/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව,
(ii) 2017 ජූනි 09 දිනැති අංක 2022/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii) 2017 ජූනි 19 දිනැති අංක 2024/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iv) 2017 ජූලි 11 දිනැති අංක 2027/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(v) 2015 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ
(vi) 2012 සහ 2013 වර්ෂ සඳහා සැලසිනෙ රූපවාහිනී ආයතනයේ
(vii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ
(viii) 2013 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ
වාර්ෂික වාර්තා
(ix) 2016 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x) 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 59 සහ 63 වගන්ති සමඟ කියවිය යුතු 142 වගන්තියේ (2) උපවගන්තියේ (ද) ඡේදය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 14 දිනැති අංක 2023/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi) 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික නීතිගත සංස්ථා පනතේ 2 වගන්තිය යටතේ 1978 පෙබරවාරි 1 දිනැති අංක 302/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 ජූලි 07 දිනැති අංක 2026/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සී. බී. රත්නායක මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(iii) ගරු සුජිත් සංජය පෙරේරා මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
දැනට හඳුන්වාදෙන ලද සහ අනාගත රජයේ ව්‍යාපෘති වලදී දෙමළ භාෂාවෙන් නිවැරදිව නාමකරණය කිරීම මගින් භාෂා ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාවට නැංවීම
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
(i) රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) - 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii) ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) - 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම සඳහා වූ
නමැති පනත් කෙටුම්පත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිපූරක මුදල - ශීර්ෂය 117 - වැඩසටහන 02
(ii) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග
(iii) ක්‍රීඩා පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මුලතිවු දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ජනතාවට කුඹුරු ඉඩම් ලබාදීම සහ කුඹුරු ඉඩම් සඳහා ඔප්පු සහතික ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1921 ට 2017 අගෝස්තු මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






