ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 අගෝස්තු මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-08-11

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2014 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(ii)    2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ
(iii)   2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ
(iv)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(v)    2013 සහ 2014 වර්ෂ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(vi)   2014 වර්ෂය සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ
(vii)  2014 වර්ෂය සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ
(viii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ

වාර්ෂික වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

(i)  ගරු කේ. කේ. පියදාස මහතා
(ii) ගරු නාමල් රාජපක්ෂ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ජාතික ගෙවුම් වේදිකාවේ අධීක්ෂණය මහ බැංකුවෙන් ගිලිහී යාමේ අවදානම හේතුවෙන් මතු වී ඇති ගැටලුකාරී තත්වය

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ආණ්ඩුව විසින් අඩු ආදායම්ලාභී පවුල්වල සමෘද්ධි සහනාධාර කපාහැරීම සම්බන්ධයෙන් 2017.08.10 දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය, ගරු එස්. බී. දිසානායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

(i) පුරප්පාඩු වන ග්‍රාම නිලධාරි තනතුරු වල වැඩ බැලී‍මේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කිරීම

ග්‍රාම නිලධාරි තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරි වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරි වසම් දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරි සංචිතයක් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරින් පත් කිරීම සහ එම සංචිතය තුළ සිටින ග්‍රාම නිලධාරින්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි. [පා.9/’15]

(ii) උපාධිධාරීන් උපදේශන නිලධාරින් ලෙස පාසල්වලට බඳවා ගැනීම

දිවයින පුරා සිදුවන කාන්තා හා ළමා අපචාර තුරන් කිරීමේ අරමුණෙන් සහ දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික, ද්විතියීක සහ උසස් පෙළ සිසුන්ට, ඔවුන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලට සමගාමීව, උපදේශනය ලබාදීම සඳහා, 2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි, උපාධිධාරීන්ට රැකියා උත්පාදනය කිරීම පෙරදැරි කොටගෙන, දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්ත කොට ඇති උපදේශන නිලධාරීන්ගේ කාර්යභාරයට සමාන වන ආකාරයෙන්, විශේෂ පත්වීමක් ලෙස උපදේශන නිලධාරින් ලෙස උපාධිධාරීන් පත්කිරීම පිණිස ක්‍රියාකාරී ‍සැලැස්මක් ක්‍රියාවට නැගිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. [පා.182/’16]

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අධිසේවා පදනම යටතේ පත්කරන ලද විදුහල්පතිවරුන්ගේ සහ වැඩබැලීමේ පදනම යටතේ සේවය කරන විදුහල්පතිවරුන්ගේ දුක්ගැනවිලි” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1459 ට 2017 අගෝස්තු මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි