ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජූලි මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-07-26

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ  පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, 2017 ජූලි 25 දිනැති අංක 2029/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(ii)    ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3 වගන්තිය යටතේ  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ යුක්රේනය අතර උදර්පන ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 02 දිනැති අංක 2021/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කලා සහ සංස්කෘතික පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අංශය, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය ලෙස උසස් කිරීම සම්බන්ධයෙන් සාදන ලදුව, 2017 ජූනි 14 දිනැති අංක 2023/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(iv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයන අංශයක් සහ පරපෝෂවේදී අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව, 2017 ජූනි 14 දිනැති අංක 2023/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨය තුළ ජාත්‍යන්තර අධ්‍යයන අධ්‍යයන අංශයක්, සමාජ සංඛ්‍යාන අධ්‍යයන අංශයක් සහ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව, 2017 ජූනි 14 දිනැති අංක 2023/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(vi)    ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ  31 වගන්තිය සමඟ කියවිය යුතු 41 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා සංගම් නියෝග සම්බන්ධයෙන් සාදන ලදුව, 2017 මැයි 05 දිනැති 2017/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය


(vii)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ
(viii)  2015 වර්ෂය සඳහා සී/ස ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ
(ix)   2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රම වාසනා අරමුදලේ
(x)    2013 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ

වාර්ෂික වාර්තා


(xi)    2016 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(xii)   2016 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ
(xiii)  2016 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
(xiv)  2016 වර්ෂය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ

කාර්ය සාධන වාර්තා


(xv)    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසර ලබාදීමේ ගිවිසුම් කෙටුම්පත

 

පෙත්සම් පිළිගැන්වීම

(i)     ගරු එස්. බී. නාවින්න මහතා                  
(ii)    ගරු හරින් ප්‍රනාන්දු මහතා                       
(iii)   ගරු අශෝක් අබේසිංහ මහතා            
(iv)   ගරු ලකී ජයවර්ධන මහතා                     -    පෙත්සම් පහයි
(v)    ගරු බිමල් රත්නායක මහතා                   
(vi)   ගරු රංජිත් අලුවිහාරේ මහතා     
(vii)  ගරු බුද්ධික පතිරණ මහතා                    -     පෙත්සම් තුනයි
(viii) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(ix)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(x)   ගරු සන්දිත් සමරසිංහ මහතා  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති අහිතකර බලපෑම්

 

අමාත්‍යාංශ නිවේදන

ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීම සඳහා වූ

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක්
(ii)   රේගු ආඥාපනත යටතේ යෝජනාව
(iii)  ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1535 ට 2017 ජූලි මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි