2017 ජූලි මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-07-25 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016.10.01 දින සිට 2016.12.31 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3 වගන්තිය යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර උදර්පන ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2017 ජූනි 07 දිනැති අංක 2022/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) 2017 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
(iii) 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 52 වගන්තියේ (1) උපවගන්තිය යටතේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මැයි 31 දිනැති අංක 2021/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv) 2007/2008, 2008/2009, 2009/2010, 2010/2011 සහ 2011/2012 වර්ෂ සඳහා සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ
(v) 2013 සහ 2014 වර්ෂ සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ
(vi) 2015/2016 වර්ෂය සදහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්හි
වාර්ෂික වාර්තා
(vii) 2016 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(ii) අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු විජිත හේරත් මහතා
(iii) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(iv) ගරු මුජිබුර් රහුමාන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරේ සහ නැගෙනහිර නියඟයෙන් පීඩාවට පත් ජනතාව
ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(iii) ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ
“අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“සිඩ්නි ජයරත්න පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හෙක්ටර් අප්පුහාමි මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විදේශ විනිමය පනත් කෙටුම්පත
ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 96; විරුද්ධව 18) සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුරේ සහ නැගෙනහිර අතුරුදහන් පුද්ගලයින් සම්බන්ධ වත්මන් ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 ජූලි මස 26 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






