2017 ජූලි මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-07-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ
(ii) 2016 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2016 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙනුවට සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(ii) ගරු විමලවීර දිසානායක මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ග්‍රාම නිලධාරී සේවය සඳහා විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමට රජය ගෙන ඇති තීරණය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ලෙයිලා උම්මා දීන් පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතාට අවසර දෙන ලදී.
(ii) “අබ්දුල් මජිද් ඇකඩමි (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත සහ අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) වෙළඳ නැව් පනත යටතේ නියෝග
(ii) ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“යාපනය අර්ධද්වීපයේ පෙරසවි නිවාස ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 ජූලි මස 7 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






