2017 ජුනි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-06-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
‘B’ : “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ
(ii) 2016 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ
(iii) 2016 වර්ෂය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ
(iv) 2015 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
(v) 2016 වර්ෂය සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
(vi) 2015 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ
(vii) 2015 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දිලිප් වෙදආරච්චි මහතා
(ii) ගරු ඉරාන් වික්‍රමරත්න මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් හතරයි
(v) ගරු බන්දුල ගුණවර්ධන මහතා
(vi) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් තුනයි
(vii) ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා
(viii) ගරු සිසිර ජයකොඩි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රමය සහ එහි ගෙවීමේ දුෂ්කරතා
ඉහත ප්‍රශ්නයට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අමාත්‍යාංශ නිවේදන
වරාය අධිකාරියට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභීන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් 2017.06.21 දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සුරාබදු ආඥාපනත යටතේ නිවේදනයන් දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1603 ට 2017 ජුනි මස 23 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






