ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජුනි මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-06-21

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත් පිළිබඳ සාකච්ඡාව

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 55 (5) ව්‍යවස්ථා ප්‍රකාරව 2017.01.01 දින සිට 2017.03.31 දින දක්වා කාලපරිච්ඡේදය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2016 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ
(ii)    2016 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(iii)   2016 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ
(iv)   2016 වර්ෂය සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේ
(v)    2016 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)   2016 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii)  2016 වර්ෂය සඳහා ඉඩම් අමාත්‍යාංශයේ
(viii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
(ix)  2016 මුදල් වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා

(x)    2013 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)     ගරු වසන්ත අලුවිහාරේ මහතා                     -    පෙත්සම් තුනයි
(ii)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය                    
(iii)   ගරු චමල් රාජපක්‍ෂ මහතා
(iv)   ගරු නිහාල් ගලප්පත්ති මහතා                      -    පෙත්සම් හතරයි
(v)    ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(vi)   ගරු කේ. කේ. පියදාස මහතා
(vii)  ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(viii) ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(ix)  ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(x)   ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
වරාය අධිකාරියට බඳවා ගන්නා ලද අභ්‍යාසලාභීන්ගේ රැකියා සුරක්ෂිතභාවය

(ii)    ගරු අනුර දිසානායක මහතා
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ හානිකර ප්‍රතිඵල  

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් 2017.03.21 දින ගරු අනුර දිසානායක මහතා විසින් සහ නියඟය හා ගංවතුරින් පසු ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් 2017.06.20 දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී

(ii)    කටාර් සහ ගල්ෆ් කලාපයේ අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය අධිකාරිය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“විජය උදාන පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යසනය සහ කසළ බැහැර කිරීමේ අර්බුදය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2017 ජුනි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි