ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජුනි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-06-20

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2017.01.01 දින සිට 2017.03.31 දින දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2016 වර්ෂය සඳහා තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ
(ii)    2016 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති‍ දෙපාර්තමේන්තුවේ
(iii)   2016 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ
(iv)   2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
(v)    2016 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)   2016 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii)  2016 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2016 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
(ix)  2016 වර්ෂය සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ
(x)   2016 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
(xi)  2016 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
(xii) 2016 වර්ෂය සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ

වාර්ෂික කාර්ය සාධන වාර්තා


(xiii)    2016 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව

(xiv)    2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 මාර්තු 28 දිනැති අංක 2012/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය


2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ (3) උපවගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(xv)    2017 මාර්තු 28 දිනැති අංක 2012/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xvi)   2017 මාර්තු 31  දිනැති අංක 2012/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xvii)  2017 මැයි 08 දිනැති අංක 2018/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xviii) 2017 මැයි 19 දිනැති අංක 2019/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියම


(xix)    (235 අධිකාරය වන) රේගු ආඥාපනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව
(2017 පෙබරවාරි  16 දිනැති අංක 2006/42 දරන අති විශේෂ ගැසට් පත්‍රය)

(xx)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ, නිර්වින්දන වෛද්‍ය අංශයෙහි නාමය නිර්වින්දනවේදී හා සංකටක සත්කාර වෛද්‍යවේදී අංශය ලෙස සංශෝධනය කරමින් පනවන ලදුව 2016 ඔක්තෝබර් 26 දිනැති අංක 1990/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    තිරසර සංවර්ධන සහ පරිසර හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපතිනී ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.

(ii)   ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා               -   පෙත්සම් තුනයි
(ii)   ගරු අශෝක් අබේසිංහ මහතා                    
(iii)  ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා
(iv)  ගරු ගාමිණී ලොකුගේ මහතා
(v)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(vi)  ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා       -  පෙත්සම් දෙකයි
(vii) ගරු හර්ෂණ රාජකරුණා මහතා              -  පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
නියඟය සහ ගංවතුරින් පසු ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ගත යුතු කඩිනම් පියවර

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
නීති විරෝධී කටයුතු හේතුවෙන් පාලියාරු ඔයේ ඉවුර විනාශ වීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය විසින් නිකුත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය

(ii)    නියඟය සහ ගංවතුරින් පසු ඩෙංගු ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් 2017.06.20 දින ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් පිළිතුරු සපයන ලදී

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) - 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
(ii)    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) - (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

නමැති පනත් කෙටුම්පත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ආනන්ද අලුත්ගමගේ සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සිසිර කුමාර අබේසේකර මහතාට අවසර දෙන ලදී.

(ii)    “ශාන්ත අබේසේකර සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ආනන්ද අලුත්ගමගේ මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(ii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2017 ජුනි මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි