2017 මැයි මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-05-25 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
(ii) 2016 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා
(ii) ගරු වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු වසන්ත අලුවිහාරේ මහතා
(iv) ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
(v) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(vi) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(vii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(viii) ගරු බිමල් රත්නායක මහතා
(ix) ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ඉඩම් ඔප්පු සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගම්මානවල ජනතාව මුහුණ පා ඇති ගැටලු
අමාත්‍යාංශ නිවේදන
(i) සිය අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය
(ii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කරඩිපූවල් ගම්මානයේ ජනතාව මුහුණපාන මූලික යටිතල පහසුකම් ගැටලු සම්බන්ධයෙන් 2017.02.08 දින සහ යුද්ධය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් උයිලම්කුලම් ප්‍රදේශයේ නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් 2017.05.05 දින ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් පිළිතුරු සපයන ලදී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ
“අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“පුද්ගලික සමාගමකට මොණරාගල සහ බිබිලේ ප්‍රදේශවලින් ඉඩම් ලබාදීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1744 ට 2017 මැයි මස 26 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






