2017 මැයි මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-05-24 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
- 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXV කොටස;
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XI, XII, XIII හා XIV කොටස්;
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX කොටස, තුන්වැනි කාණ්ඩයේ VI කොටස සහ හයවැනි කාණ්ඩයේ I,II,III,IV,V,VI,VII,VIII,IX හා X කොටස්; සහ
- 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XII හා XIII කොටස් සහ තුන්වැනි කාණ්ඩයේ IV කොටස
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ වාර්තා පිළිගැන්වීම
(i) පාර්ලිමේන්තුවේ අංක 47(5) දරන ස්ථාවර නියෝගය යටතේ “ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදී.
(ii) පාර්ලිමේන්තුවේ අංක 47(5) දරන ස්ථාවර නියෝගය යටතේ “ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
(ii) ගරු සජිත් ප්‍රේමදාස මහතා
(iii) ගරු රංජිත් අලුවිහාරේ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයෙන් මෑතකාලයේ දී රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ක්‍රියාකාරකම්
(ii) ගරු අනුර දිසානායක මහතා
රට පුරා සිදුවෙමින් පවතින ජාතිවාදී සහ අන්තවාදී ක්‍රියාකාරකම්
අමාත්‍යාංශ නිවේදන
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ පුරා වස්තු සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2017.03.07 දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුර සහ නැගෙනහිර පළාත්වල රැකියා විරහිත උපාධිධාරීන්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1924 ට 2017 මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






