2017 මැයි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-05-23 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස පත් කර ඇති මන්ත්‍රීන්
‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘C’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘D’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ
(ii) 2016 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ
(iii) 2016 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ
(iv) 2016 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ
(v) 2016 වර්ෂය සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ
කාර්ය සාධන වාර්තා
(vi) 2013 වර්ෂය සඳහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව
(vii) 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ වෛද්‍ය උපකරණ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 17 දිනැති අංක 2006/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(viii) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 61 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 27 දිනැති අංක 2012/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(ix) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 මාර්තු 21 දිනැති අංක 2011/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දිලිප් වෙදආරච්චි මහතා
(ii) ගරු වසන්ත අලුවිහාරේ මහතා
(iii) ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා
(iv) ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා
(v) ගරු නිහාල් ගලපත්ති මහතා
(vi) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(vii) ගරු ජේ. සී. අලවතුවල මහතා - පෙත්සම් දෙකයි
(viii) ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා - පෙත්සම් තුනයි
(ix) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(x) ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
(xi) ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම
(ii) ගරු අනුර දිසානායක මහතා
පිළියන්දල මෑතකදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
විශේෂ කාරක සභා
විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට ආනුෂංගික කරුණු විමර්ශනයකර වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව 2017 නොවැම්බර් මස 23 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත යටතේ යෝජනා හතක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ සංහිඳියාව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 මැයි මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






