2017 මැයි මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-05-04 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011, 2012 සහ 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ
(ii) 2014 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ
කාර්ය සාධන වාර්තා
(iii) 2014 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ
(iv) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ
(v) 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලංකා ලේලන්ඩ් ලිමිටඩ්හි
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නිෂ්පාදන සහ සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා වෙනුවට ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් තිස් අටයි
(iii) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2 II ශ්‍රේණියේ සිට 2 I ශ්‍රේණියට උසස්වීම් ලබාදීමේ දී දෙමළ මාධ්‍ය ගුරුවරුන් නොසලකා හැරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝග
(ii) සමාගම් පනත යටතේ නියෝග
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1754 ට 2017 මැයි මස 5 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






