2017 මැයි මස 03 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-05-03 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : උතුරු පළාත් සභාවෙන් ලැබුණු දැනුම්දීම
‘B’ : “විදේශ විනිමය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIV හා XV කොටස්, හතරවැනි කාණ්ඩයේ XII කොටස සහ හයවැනි කාණ්ඩයේ XVI, XVII, XVIII, XIX, XX, XXI, XXII, XXIII, XXIV හා XXV කොටස්;
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VI, VII, VIII, IX, X, XI හා XII කොටස්, හතරවැනි කාණ්ඩයේ XI හා XII කොටස් සහ පස්වැනි කාණ්ඩයේ IX කොටස; සහ
- 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ V හා VI කොටස්, දෙවැනි කාණ්ඩයේ VIII, IX, X හා XI කොටස්, හතරවැනි කාණ්ඩයේ VI කොටස සහ පස්වැනි කාණ්ඩයේ II කොටස
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 අංක 2 දරන පනතින් සංශෝධිත 2013 අංක 1 දරන දිවිනැගුම පනතේ 42 වගන්තිය යටතේ සහ එකී පනතේ 25(2) සහ 29(2) වගන්ති සමඟ කියවිය යුතු 42 වගන්තිය යටතේ සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017 මාර්තු 07 දිනැති අංක 2009/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ii) 2014 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
(iii) 2013 සහ 2014 වර්ෂ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(v) 2016 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපන මහතා වෙනුවට ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එකී කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් පහයි
(iii) ගරු වසන්ත සේනානායක මහතා
(iv) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් හතයි
(v) ගරු මනූෂ නානායක්කාර මහතා
(vi) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(vii) ගරු තේනුක විදානගමගේ මහතා
(viii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා
(ii) ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
(iii) ගරු වේලු කුමාර් මහතා
(iv) ගරු විජිත හේරත් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය අර්ධද්වීපයේ නීතිවිරෝධී වැලි කැණීම සහ එම කටයුතු භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ඍජු අධීක්ෂණය යටතට පත් කිරීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇතැම් නියමවලින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන් නිදහස් කිරීම සඳහා විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන)”
නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“පිළිකා සරණ භාරය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එඩ්වඩ් ගුණසේකර මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 17 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක්
(ii) රේගු ආඥා පනත යටතේ යෝජනා දෙකක්
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් තුනක්
(iv) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(v) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කැළණි ගඟේ ජලය දූෂණය වීම වැළැක්වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1904 ට 2017 මැයි මස 4 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






