2017 මාර්තු මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-03-24 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
සභාවේ ගරුත්වය ආරක්ෂා කිරීම පිළිබඳ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 අංක 24 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2017.02.01 සිට 2017.02.28 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම්
(ii) 1987 සැප්තැම්බර් 14 දිනැති අංක 471/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ සමාගම් (ලේකම්වරයන් පිළිබඳ) නියෝගවල 2(i)(ආ) වගන්තිය 2007 අංක 7 දරන සමාගම් පනතේ 527 වගන්තිය යටතේ සංශෝධනය කරමින් (ix) යනුවෙන් නව උපවගන්තිය ඇතුළත් කර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 දෙසැම්බර් 20 දිනැති අංක 1998/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 2015 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගමේ
(iv) 2012 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විජිත් විජයමුණි සොයිසා මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ශෝක ප්‍රකාශ යෝජනා
හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා මතු දිනකට කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ලියාපදිංචි වෛද්‍යවරුන්ට තමන්ගේ සේවය නිසි ලෙස ලබාදීම සඳහා ඔවුන්ට අදාළ නොවන කටයුතුවල නොයෙදවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1726 ට 2017 අප්‍රේල් මස 4 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






