2017 මාර්තු මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-03-23 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ
(ii) 2013 වර්ෂය සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ
(iii) 2013 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(iv) 2014 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
(v) 2014 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(vi) 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ
(vii) 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුකජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ
(viii) 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් නවයයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ජාතික පාසලේ දෙමළ අංශයේ ගුරු සහ භෞතික සම්පත් හිඟය
ඉහත ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිළිතුරු දෙන ලදී.
(ii) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
රටේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය
අමාත්‍යාංශ නිවේදන
නුවරඑළිය, ආගරපතන, ටොරිංටන් වතුයායට අයිති කල්මැදුර කොට්ඨාසයේ පිහිටි (අංක 6 දරන) වතු නිවාස අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2017.03.10 දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ගරු පලනි දිගම්බරම් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පෞද්ගලික පැහැදිලි කිරීම්
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා සහ ගරු මලිත් ජයතිලක මහතා වෙන් වෙන්ව පෞද්ගලික පැහැදිලි කිරීම් දෙකක් සිදු කළහ.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත
(ii) සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීම පනත යටතේ නියමය
(iii) අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුර සහ නැගෙනහිර පළාත්වල රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 මාර්තු මස 24 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






