ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 මාර්තු මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-03-22

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ
(ii)   2014 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ
(iii)  2014 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(iv)  2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් අලුවිහාරේ මහතා            -   පෙත්සම් පහයි        
(ii)   ගරු බුද්ධික පතිරණ මහතා             -   පෙත්සම් තිස් තුනයි
(iii)  ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා        -   පෙත්සම් තුනයි  
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ආපදා කළමනාකරණය, මාර්ග අනතුරු සහ මාර්ග නීතිරීති පිළිබඳ විෂය කරුණු 4 වන ශ්‍රේණියේ සිට පාසල් පෙළ පොත්වල ඇතුළත් කිරීමට පියවර ගැනීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීම - 2016 (විෂය අංක - 01002)

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස කැළි කසළ දැමීම හේතුවෙන් එකී ප්‍රදේශවල ජීවත් වන ජනතාව මුහුණදෙන අපහසුතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1858 ට 2017 මාර්තු මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි