2017 මාර්තු මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-03-21

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පස්වැනි කාණ්ඩයේ IX කොටස හා අටවැනි කාණ්ඩයේ VI කොටස;
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXI හා XXII කොටස්, තුන්වැනි කාණ්ඩයේ VII කොටස සහ හයවැනි කාණ්ඩයේ VI, VII , VIII , IX , X  හා XV කොටස්;
  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII හා XIX කොටස් සහ පස්වැනි කාණ්ඩයේ VII හා VIII කොටස්; සහ
  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවැනි කාණ්ඩයේ I, II හා III කොටස්, දෙවැනි කාණ්ඩයේ II, III, IV හා V කොටස්, තුන්වැනි කාණ්ඩයේ I හා II කොටස් සහ හතරවැනි කාණ්ඩයේ III, IV හා V කොටස්

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

කථානායකතුමාගේ නිවේදන

තිරසාර සංවර්ධන අරමුණු සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ සැසිය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2015 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ
(ii)    2014 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ
(iii)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ
(iv)   2013 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ
(v)    2014 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ
(vi)   2014 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ
(vii)  2014 වර්ෂය සඳහා කුරුණෑගල වැවිලි සමාගමේ

වාර්ෂික වාර්තා


(viii)  2015 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ
(ix)   2014 වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තා


(x)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව (2017) සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 14 දිනැති අංක 2006/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජෝන් අමරතුංග මහතා                    
(ii)   ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා                   -  පෙත්සම් දෙකයි
(iii)  ගරු සුජීව සේනසිංහ මහතා                    -  පෙත්සම් තුනයි
(iv)  ගරු අශෝක් අබේසිංහ මහතා                 -  පෙත්සම් දෙකයි                 
(v)   ගරු ජේ. සී. අලවතුවල මහතා                     -  පෙත්සම් තුනයි
(vi)  ගරු විදුර වික්‍රමනායක මහතා   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව

(ii)   ගරු ඩග්ලස් දේවානන්ද මහතා
රටේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරීම

(iii)  ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ආරක්ෂක ගිවිසුම

 

අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකා මහා බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළ  ගැසට් නිවේදනයක් පළ කිරීම සම්බන්ධයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 2017.03.07 දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම සඳහා වූ

“අතුරුදහන් වූ තැනැත්නන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනුර සිඩ්නි ජයරත්න මහතාට අවසර දෙන ලදී.

(ii)   “ග්ලෝබල් හ්‍යුමනිටේරියන් ෆවුන්ඩේෂන් (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) දරන පනත් කෙටුම්පත් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.


(iii)  “සමස්ත ලංකා ඓතිහාසික දේවාලවල පාරම්පරික නිලධාරීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“රටේ පවත්නා ආර්ථික තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1900 ට 2017 මාර්තු මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.