2017 මාර්තු මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-03-10

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත හේරත් මහතා                 -    පෙත්සම් දෙකයි          
(ii)   ගරු අජිත් මාන්නප්පෙරුම මහතා       -    පෙත්සම් තුනයි
(iii)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා    -    පෙත්සම් දහයයි
(iv)  ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
නුවරඑළිය, ආගරපතන, ටොරිංටන් වතුයායට අයිති කල්මැදුර කොට්ඨාසයේ පිහිටි (අංක 6 දරන) වතු නිවාස අලුත්වැඩියා කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

අම්පාර දිස්ත්‍රික්කයේ කිට්ටංගි පාලම සහ මාර්ග දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2017.03.09 දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ

“සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එඩ්වඩ් ගුණසේකර මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත වරාය හා නාවික කටයුතු  අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1150 ට 2017 මාර්තු මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.