2017 මාර්තු මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-03-09 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා වෙනුවට ගරු සුසන්ත පුංචිනිලමේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අම්පාර දිස්ත්‍රික්කයේ කිට්ටංගි පාලම සහ මාර්ග දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම
(ii) ගරු අනුර දිසානායක මහතා
බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් මෙහෙයවන ලද පරීක්ෂණයන්හි ප්‍රතිඵල
කල් තැබීමේ යෝජනාව
“මාලබේ පිහිටි තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනයට (සයිටම්) අදාළ කරුණු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2017 මාර්තු මස 10 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.