2017 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-03-08 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ගරු විමල් වීරවංශ මහතා විසින් මතු කරන ලද කරුණ සම්බන්ධ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2014 වර්ෂය සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ්හි
(iii) 2015 වර්ෂය සඳහා මහජන බැංකුවේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වසන්ත අලුවිහාරේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් පහයි
(iii) ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
(iv) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(v) ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(vi) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න තුනක් අසන ලදී:-
(i) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
(iii) ගරු අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුන්ජිකුලම් ප්‍රදේශයේ ඉඩම් ගැටලුව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත
විවාදයට ගෙන ඉදිරි දිනකට කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආරක්ෂක හමුදා විසින් භාවිතා කරනු ලබන ඉඩම් නිදහස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1922 ට 2017 මාර්තු මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.