2017 මාර්තු මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-03-07

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  2016.10.28 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව සම්බන්ධව නීතිපතිවරයාගෙන් ලැබුණු ලිපිය සභාගත කිරීම
‘B’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
(ii)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ
(iii)  2013 සහ 2014 වර්ෂ සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ

වාර්ෂික වාර්තා

(iv)   2014 වර්ෂය සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(v)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 32 වගන්තිය යටතේ, ස්කාගාර/ගුදම් පාලනය වන නියෝග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 09 දිනැති අංක 1996/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
    (අංක 991 දරන සුරාබදු නිවේදනය)

(vi)    සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22(1) වගන්තිය යටතේ, බෝතල් කරන ලද රා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 දෙසැම්බර් 20  දිනැති අංක 1998/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය.
    (අංක 993දරන සුරාබදු නිවේදනය)

(vii)    2015 අංක 16 සහ 2016 අංක 24 දරන විසර්ජන පනත්වල 6 (1) වගන්තිය යටතේ, පිළිවෙළින් 2016.12.31 දිනට සහ 2017.01.31 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් - 2016 සහ 2017

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රතිසන්ධාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා වෙනුවට ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

(iii)    නෛතික කටයුතු (දූෂණ විරෝධි) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා                    
(ii)   ගරු ලකී ජයවර්ධන මහතා            -     පෙත්සම් හතරයි
(iii)  ගරු නිහාල් ගලප්පත්ති මහතා            -   පෙත්සම් හතරයි
(iv)  ගරු එඩ්වඩ් ගුණසේකර මහතා            -     පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා මහා බැංකුවේ බැඳුම්කර සිදුවීමට අදාළ  ගැසට් නිවේදනයක් පළ කිරීම සම්බන්ධයෙන්

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ පුරා වස්තු

(iii)    ගරු අනුර දිසානායක මහතා
සමෘද්ධි සහනාධාර මුදල් ගෙවීමේ දී සමෘද්ධිලාභීන්ට සිදුවී ඇති අසාධාරණය

 

අමාත්‍යාංශ නිවේදන

(i)    සයිටම් (SAITM) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට මාලබේදී වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී

(ii)    කොකා කෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය”

නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකාවේ පොල් වගාව දියුණු කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1844 ට 2017 මාර්තු මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.