2017 පෙබරවාරි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-02-22 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ
(iii) 2013 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
(v) 2014 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
(vi) 2014 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(vii) 2014 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
(viii) 2014 වර්ෂය සඳහා පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ
(ix) 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ
(x) 2014 වර්ෂය සඳහා මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පිළිබඳ උසස් අධ්‍යයනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ
(xi) 2013 හා 2014 වර්ෂ සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එකී කාරක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
සංක්‍රමණික ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ අවම වැටුප් වැඩි කිරීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මාන්කුලම් සංවර්ධන ව්‍යාපෘතිය
(iii) ගරු අනුර දිසානායක මහතා
සයිටම් (SAITM) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට මාලබේදී වෙඩි තැබීමේ සිදුවීම
අමාත්‍යාංශ නිවේදන
නිසි උසස් වීම් ක්‍රමවේදයක් නොමැති වීම නිසා නාවික සෙබළ අංශයේ නිලධාරීන් සහ නාවිකයන් මුහුණ පා ඇති ගැටලුකාරී තත්වය සහ අනෙකුත් ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් පිළිතුරු සපයන ලදී
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ඒකාබද්ධ චාටඩ් ලේකම්වරුන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තෞෆික් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම්” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 පෙබරවාරි මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






