2017 පෙබරවාරි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-02-21 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධ ඉදිරි ක්‍රියාවලිය
‘B’ : ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත සාකච්ඡා කිරීම පිණිස පවත්වනු ලබන තුන්වැනි විශේෂ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) වගන්තිය අනුව අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ - 2017
(ii) 2015 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ
(iv) 2014 වර්ෂය සඳහා ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ
(v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ
(vi) 2014 වර්ෂය සඳහා රබර් පර්යේෂණ ආයතනයේ
වාර්ෂික වාර්තා
(vii) 2015 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii) 1971 අංක 52 දරන වෙළඳ නැව් පනතේ 139 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 321 වගන්තිය යටතේ බහාලුම් දළ ස්කන්ධ සත්‍යායන සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 අගෝස්තු 11 දිනැති අංක 1979/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) තරුණ, ක්‍රීඩා, කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සී. බී. රත්නායක මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු දුමින්ද දිසානායක මහතා
(ii) ගරු පී. හැරිසන් මහතා
(iii) ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(iv) ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා
(v) ගරු වසන්ත අලුවිහාරේ මහතා
(vi) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
නියඟය නිසා පීඩාවට පත් ජනතාවට ලබාදෙන සහන
(ii) ගරු අනුර දිසානායක මහතා
ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ නිසි බලධාරී, අශෝක පීරිස් මහතා ඉවත් කිරීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා ද, විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සහල් සඳහා පාලන මිල” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2017 පෙබරවාරි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






