2017 පෙබරවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-02-09 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ආරක්ෂාව පිළිබඳ වර්තමාන තත්වය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 සහ 2014 වර්ෂ සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ
(ii) 2013/2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ
(iii) 2012 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු තිලක් මාරපන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලුවිහාරේ මහතා විසින් පිළිගන්වන ලදී.
(iv) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් මහජන පෙත්සමක් පිළිගන්වන ලදී
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
සහල්වල උපරිම සිල්ලර මිල තීරණය කිරීමේදී පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම නිවැරදි කිරීම සඳහා වහාම මැදිහත් වීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මොරවැව ගම්මානයේ පිහිටි වාරි වැව් ප්‍රතිසංස්කරණය කිරීම
(iii) ගරු අනුර දිසානායක මහතා
නිසි උසස් වීම් ක්‍රමවේදයක් නොමැති වීම නිසා නාවික සෙබළ අංශයේ නිලධාරීන් සහ නාවිකයන් මුහුණ පා ඇති ගැටලුකාරී තත්වය සහ අනෙකුත් ආශ්‍රිත කරුණු
අමාත්‍යාංශ නිවේදන
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් 2017 පෙබරවාරි මස 8 වැනිදා පිළිගන්වන ලද එකී කාරක සභාවේ තෙවන වාර්තාව පිළිබඳව මුදල් අමාත්‍යතුමා විසින් නිවේදනයක් කරන ලදී.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2016 දෙසැම්බර් මස 09 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(iii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(iv) දිවි නැගුම (සංශෝධන) පනත් කෙටුම්පත
(v) ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග
(vi) බ්‍රසීලයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයෙහි, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා කාර්යාල මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් ස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් දරන ලද වියදම පිළිබඳ සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් යෝජනා කරන ලද අතර ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් ස්ථිර කරන ලදී)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩලස් අලහප්පෙරුම මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1926 ට 2017 පෙබරවාරි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.