2017 පෙබරවාරි මස 08 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-02-08 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ
(ii) 2014 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ
(iii) 2014 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව,
(iv) 2016 දෙසැම්බර් 06 දිනැති අංක 1996/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) 2016 නොවැම්බර් 10 දිනැති අංක 1992/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියම
(vi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ යෝජිත ව්‍යාපෘතියට අදාළ නිදහස් කිරීම් සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජනවාරි 30 දිනැති අංක 2004/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත 2016 දෙසැම්බර් 06 දිනැති අංක 1996/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
(ii) ගරු ඊ. සරවනපවන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු එස්. ශ්‍රීතරන් මහතා
(ii) ගරු සී. බී. රත්නායක මහතා
(iii) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(iv) ගරු අනුර දිසානායක මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කරඩිපූවල් ගම්මානයේ ජනතාව මුහුණපාන මූලික යටිතල පහසුකම් ගැටලු
අමාත්‍යාංශ නිවේදන
සෑම වසරකම රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමෙන් පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා රජය විසින් ගත යුතු නිසි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිතුරු සපයන ලදී
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතාට අවසර දෙන ලදී.
(ii) “කැලණිය අශෝකාරාම සිළුමිණි පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සිසිර ජයකොඩි මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) ලෙස සඳහන් පනත් කෙටුම්පත් පිළිවෙලින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය වෙත සහ සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු මලිත් ජයතිලක මහතාට අවසර දෙන ලදී;
(iii) හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ)
(iv) පොලොන්නරුව බෞද්ධ සංගමය (සංස්ථාගත කිරීමේ)
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (iii) සහ (iv) ලෙස සඳහන් පනත් කෙටුම්පත් පිළිවෙලින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙත සහ බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ආරක්ෂක හමුදා විසින් මුලතිව්, කේප්පාප්පුලවු හි භාවිතා කරනු ලබන ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත ආපසු ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1904 ට 2017 පෙබරවාරි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.