2017 පෙබරවාරි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-02-07

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  සභාවේ කටයුතු PEO TV හරහා සජීවීව භාෂා තුනෙන් ම විකාශය කිරීම

‘B’ :  ගරු කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.
‘C’ :  ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම. 

විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

‘D’ :  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අවසන් කෙටුම්පත සාකච්ඡා කිරීම පිණිස පවත්වනු ලබන දෙවැනි විශේෂ රැස්වීම
‘E’ :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    20122013 සහ 2014 වර්ෂ සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ
(ii)   2014 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ

වාර්ෂික වාර්තා

(iii)    2015 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ

(iv)    2006 අංක 27 දරන ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනතේ 33 වගන්තිය සමඟ කියවිය යුතු 30 වගන්තිය යටතේ නියමිත ආකාරයේ දුම්කොළ නිෂ්පාදන සෑදීම හෝ අලෙවිය තහනම් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 සැප්තැම්බර් 01 දිනැති අංක 1982/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ 2016 දෙසැම්බර් 15 දිනැති අංක 1997/22 දරන සංශෝධිත අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(v)    2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතේ 7 (2)  වගන්තිය යටතේ  එකී පනතේ කාල සීමාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජනවාරි 18 දිනැති අංක 2002/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා       -  පෙත්සම් දෙකයි
(ii)   ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා     
(iii)  ගරු සී. බී. රත්නායක මහතා
(iv)  ගරු එඩ්වඩ් ගුණසේකර මහතා               -    පෙත්සම් තුනයි
(v)   ගරු ඒ. ඒ. විජේතුංග මහතා
(vi)  ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි    
   
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ට හිරිහැර කිරීම හා සම්බන්ධ කරුණු

(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ඩෙල්ෆ්ට් දූපතේ රෝහල හා සම්බන්ධ කරුණු

 

අමාත්‍යාංශ නිවේදන

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මෝටර් වාහන පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ජනතාවගේ උද්ඝෝෂණ සඳහා නගර සීමාව තුළ වෙනම ස්ථානයක් සකස් කර දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. එම්. මරික්කාර් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1901 ට 2017 පෙබරවාරි මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.