2017 ජනවාරි මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-01-26

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :    ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 සහ 2012 වර්ෂ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා

(ii)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
(iii)  2013 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ

වාර්ෂික වාර්තා

(iv)  1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වන වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මහතා වෙනුවට ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා වෙනුවට ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා  
(ii)   ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා
(iii)  ගරු මනූෂ නානායක්කාර මහතා     
(iv)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා    
         
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2016‍ දෙසැම්බර් මස 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් බලාත්කාරයෙන් පවරාගන්නා ලද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරන්දායි ගම්මානයේ පිහිටි ඉඩමෙහි පවුල් නැවත පදිංචි කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. ශ්‍රීතරන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2017 ජනවාරි මස 27 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.