ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 ජනවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-01-25

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

2016.10.28 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව සභාවේ අනුමැතිය සහිතව වැඩිදුර කටයුතු සඳහා නීතිපතිවරයාට යොමු කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2008, 2009, 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ
(ii)   2011 සහ 2012 වර්ෂ සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවේ
(iii)  2014/15 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ
(iv)  2015 වර්ෂය සඳහා ලංකා බැංකුවේ

වාර්ෂික වාර්තා

(v)   2015 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)  2015 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා වෙනුවට ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු අබ්දුල් හලීම් මහතා                      -  පෙත්සම් තුනයි
(ii)   ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා                    
(iii)  ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
(iv)  ගරු පියංකර ජයරත්න මහතා                                       
(v)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා        -  පෙත්සම් තුනයි
(vi)  ගරු එච්. එම්. එම්. හරීස් මහතා   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
සෑම වසරකම රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමෙන් පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා රජය විසින් ගත යුතු නිසි ක්‍රියාමාර්ග

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“යූඑන්වී පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මයිල්වාගනම් තිලකරාජා මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)   ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(ii)  එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝගය
(iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iv) ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරී‍මේ) පනත යටතේ නියමය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ජාතික ලොතරැයි මණ්ඩලයෙන් නිකුත් කළ ලොතරැයි ටිකට් පත්වල විකුණුම් මිල” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2017 ජනවාරි මස 26 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි