2017 ජනවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-01-24 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2015 දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ 2(ඉ) ඡේදය ප්‍රකාරව ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි අධීක්ෂණ සැලැස්ම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ
(ii) 2012 වර්ෂය සඳහා ශ්‍රම වාසනා අරමුදලේ
(iii) 2013 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
(iv) 2013 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
(v) 2013 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
(vi) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
(vii) 2013 වර්ෂය සඳහා කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
(viii) 2013 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ
(ix) 2013 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ
(x) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
(xi) 2014 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ
(xii) 2014 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ
(xiii) 2014 වර්ෂය සඳහා තාක්ෂණික ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ
(xiv) 2013 සහ 2014 වර්ෂ සඳහා මානව සම්පත් අභිවර්ධන ආයතනයේ
(xv) 2013 සහ 2014 වර්ෂ සඳහා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ
(xvi) 2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ
(xvii) 2012 සහ 2013 වර්ෂ සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ
(xviii) 2014 වර්ෂය සඳහා කාර්මික තාක්ෂණ ආයතනයේ
(xix) 2013 වර්ෂය සඳහා ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ
(xx) 2015 වර්ෂය සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ
(xxi) 2012 වර්ෂය සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ
(xxii) 2013 සහ 2014 වර්ෂ සඳහා පුනරුත්ථාපන අධිකාරියේ
වාර්ෂික වාර්තා
(xxiii) 2015 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xxiv) ඉඩම් අත්කර ගැනීමේ පනතේ (460 අධිකාරය වූ) 63 වගන්තියේ (2) උපවගන්තියේ (ඊ) ඡේදය යටතේ 2013 ඉඩම් අත්කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝගවල 4 (2) නියෝගය සංශෝධනය කරමින් ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 18 දිනැති අංක 1993/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ “එස් එල් ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය” උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 02 දිනැති අංක 1995/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨය තුළ භාෂා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 නොවැම්බර් 03 දිනැති අංක 1991/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxvii) 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වගන්තිය සමඟ කියවිය යුතු 142 වගන්තිය යටතේ මිල ඉහළ සීමා සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ඔක්තෝබර් මස 21 දින අංක 1989/61 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xxviii) 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6 (1) වගන්තිය යටතේ 2016.12.31 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් - 2016
(xxix) සුරාබදු ආඥාපනතේ (52 අධිකාරය වූ) 22(2) වගන්තිය යටතේ, ප්‍රති-අපනයනය කිරීම සඳහා හෝ තීරුබදු රහිත සාප්පුවල විදේශ ව්‍යාවහාර මුදලට විකිණීම සඳහා ආනයනය කරනු ලබන විදේශීය මත්පැන් මත සුරාබදු අය නොකිරීම සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් මස 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 ඔක්තෝබර් මස 03 දිනැති අංක 1987/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 990 දරන සුරාබදු නිවේදනය)
(xxx) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 නොවැම්බර් 10 දිනැති අංක 1992/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxi) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ තීරුගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 නොවැම්බර් 10 දිනැති අංක 1992/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxxii) 2007 අංක 7 දරන සමාගම් පනතේ 477 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 527 වගන්තිය යටතේ සහ 2005 අංක 11 දරන සමිති ආඥා පනත (සංශෝධන) සමඟ කියවිය යුතු (123 අධිකාරය වූ) 1891 අංක 16 දරන සමිති ආඥා පනතේ 19 වගන්තිය යටතේ සමාගම් (ගාස්තු) සහ සමිති (ගාස්තු) සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ඔක්තෝබර් 25 දිනැති අංක 1990/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(ii) ගරු අශෝක් අබේසිංහ මහතා
(iii) ගරු ගාමිණී ලොකුගේ මහතා
(iv) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(v) ගරු සන්දිත් සමරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “පාලිත තෙවරප්පෙරුම පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනුර සිඩ්නි ජයරත්න මහතාට අවසර දෙන ලදී.
(ii) “තාක්ෂණ සහ සමාජ සේවා වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපන මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කනක හේරත් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) දරන පනත් කෙටුම්පත් දෙක පිළිවෙලින් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2016.10.28 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2017 ජනවාරි මස 25 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.