2017 ජනවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-01-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ විසර්ජන පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කිරීම
පහත සඳහන් මන්ත්‍රීන් විසින් මතු කරන ලද වරප්‍රසාද කරුණු සඳහා යෝජනා ඉදිරිපත් කිරීම-
‘B’ : ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
‘C’ : ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
‘D’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
(ii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ
(iii) 2014 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, තලවාකැලේ
(v) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ
(vi) 2014 වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ
වාර්ෂික වාර්තා
(vii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ
(viii) 2015 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ
(ix) 2015 වර්ෂය සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ
(x) 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014 සහ 2015 වර්ෂ සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව - කොලොන්නාව
(xi) 2015 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(xii) 2015 වර්ෂය සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
(xiii) (203 වැනි අධිකාරය වූ) මොටර් වාහන පනතේ 164 වගන්තිය සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ මෝටර් වාහන (සලකුණු, සංඥා, සංකේත හා මාර්ග ලකුණු කිරීම්) සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 නොවැම්බර් 12 දිනැති අංක 1940/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xiv) 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ 2 වගන්තිය යටතේ 2012 අංක 02 දරන එක්සත් ජාතීන්ගේ නියෝග සංශෝධනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2016 නොවැම්බර් 04 දිනැති අංක 1991/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xv) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2015 වර්ෂයේ පැවැති 104 වැනි සැසිවාරයේදී පිළිගනු ලැබූ 204 වැනි නිර්දේශය
(xvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපන කේන්ද්‍රය, වෛද්‍ය අධ්‍යාපන අධ්‍යනාංශය ලෙස උසස් කරමින් පනවනු ලදුව 2016 නොවැම්බර් 03 දිනැති අංක 1991/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27 (1) වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව,
(xvii) ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලයේ, ව්‍යවහාරික විද්‍යා පීඨය තුළ නැනෝ තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 දෙසැම්බර් 01 දිනැති අංක 1995/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය; සහ
(xviii) ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨය තුළ නිර්වින්දනවේද අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 දෙසැම්බර් 01 දිනැති අංක 1995/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2016 ඔක්තෝබර් 03 දිනැති අංක 1987/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3ඇ වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2016 නොවැම්බර් 10 දිනැති අංක 1992/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනතේ 3(2) වගන්තිය ප්‍රකාරව, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වන සී/ස ඇවික් ඉන්ටනැෂනල් හොටෙල්ස් ලංකා සමාගමට කොල්ලුපිටියේ පිහිටි ඉඩමක් සින්නක්කරව පැවරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 නොවැම්බර් 08 දිනැති අංක 1992/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය
(xxii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ යුක්රේනයේ ආණ්ඩුව අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීම පිළිබඳව ඇතිකර ගනු ලැබූ ගිවිසුම සම්බන්ධයෙන් 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් පනවනු ලදුව 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු විජිත හේරත් මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු හේෂාන් විතානගේ මහතා
(vii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
යෝජිත හම්බන්තොට කර්මාන්ත කලාපය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කරුණු
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ද; තිරසාර සංවර්ධන සභාවක් පිහිටුවීම සඳහා ද; ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන”
නමැති පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1040 ට 2017 ජනවාරි මස 24 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






