ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 දෙසැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-12-10

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’ :  ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම
‘B’ :  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අවසාන කෙටුම්පත් පිටපත
‘C’ :  පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ පද්ධතිය

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

  • ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 ඔක්තෝබර් 31 දිනට මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ

  • ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව 2016 වර්ෂයේ පළමු, දෙවන සහ තෙවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන  වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2014 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ
(ii)  2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා         - පෙත්සම් තුනයි
(ii)   ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා     - පෙත්සම් හයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

‘breakingnews.lk’ වෙබ් අඩවිය අවහිර කිරීම සම්බන්ධයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ විසිපස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

2017 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 110 කින් සම්මත කරන ලදී.

වැඩි විස්තර සඳහා, 'අයවැය 2017' වෙත පිවිසෙන්න.

 

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 17, 19 සහ 20 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)     සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(ii)    නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii)   දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(iv)   විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් නවයක්
(v)    රේගු ආඥා පනත යටතේ නියමයන් තුනක්
(vi)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව යටතේ අග්‍ර විනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ  සභාපතිවරයා සහ  අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා විශ්‍රාම වැටුප් සහිත විශේෂ ස්ථාවර දීමනාවක් ලබාදීම සඳහා වූ යෝජනාව
(vii)  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1909 ට 2017 ජනවාරි මස 9 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි