2016 දෙසැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-12-09

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ
(ii)   2015 වර්ෂය සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තා

(iii)   2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා  මහජන පෙත්සමක් පිළිගැන්වීය.
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
‘breakingnews.lk’ වෙබ් අඩවිය අවහිර කිරීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    නත්තල් සමය තුළ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය, ගරු පී. හැරිසන් මහතා විසින් පිළිතුරු සපයන ලදී

(ii)    වව්නියාව සහ සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර අවතැන්වූවන්ගේ පහසුකම් සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ විසිහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“තංගල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශයේ නමයාලවිල පානීය ජල ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2016 දෙසැම්බර් මස 10 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.