2016 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-12-08

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 අංක 20 දරන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 5(15) වගන්තිය යටතේ වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු සහ රෝහල් කාමර ගාස්තුව හැර යම් සෞඛ්‍ය සේවාවක් සඳහා වන වියදම සෞඛ්‍ය සේවා සැපයීමේ වටිනාකම මත එකතු කළ අගය මත බදු ගණනය කිරීමේදී නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 නොවැම්බර් 01 දිනැති අංක 1991/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝගය

(ii)    1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වගන්තියේ 3  උප වගන්තිය සහ 14 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 නොවැම්බර් 11 දිනැති අංක 1992/74 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු නිහාල් ගලප්පත්ති මහතා                    
(ii)   ගරු බිමල් රත්නායක මහතා                            
(iii)  ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)   ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය අර්ධද්වීපයේ ස්වාභාවික විපත්

(ii)  ගරු අනුර දිසානායක මහතා
නත්තල් සමය තුළ සහල් මිල ඉහළ යාම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2013 අංක 1 දරන දිවි නැගුම පනත සංශෝධනය කිරීම සඳහා වූ

“දිවි නැගුම (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“නැගීසිටීමට අත්වැලක් පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන  අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චමින්ද වි‍ජේසිරි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2016 දෙසැම්බර් මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.