2016 දෙසැම්බර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-12-05 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු දයාසිරි ජයසේකර මහතා
(iii) ගරු සුජීව සේනසිංහ මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් පහයි
(v) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව
2017 විසර්ජන පනත් කෙටුම්පතේ විසිවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“හම්බන්තොට ලුණු සමාගම පුද්ගලීකරණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1854 ට 2016 දෙසැම්බර් මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.