ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 දෙසැම්බර් මස 03 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-12-03

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(i)     2016 ජූනි 30 දිනැති අංක 1973/61 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ii)    2016 ජූලි 18 දිනැති අංක 1976/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iii)   2016 අගෝස්තු 19 දිනැති අංක 1980/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(iv)   2016 අගෝස්තු 24 දිනැති අංක 1981/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v)    2016 සැප්තැම්බර් 07 දිනැති අංක 1983/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi)   2016 සැප්තැම්බර් 15 දිනැති අංක 1984/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vii)  2016 සැප්තැම්බර් 29 දිනැති අංක 1986/55 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(viii) 2016 සැප්තැම්බර් 30 දිනැති අංක 1986/66 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ix)   2016 නොවැම්බර් 07 දිනැති අංක 1992/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරනු ලැබූ නියමයන්


(235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(x)   2016 අගෝස්තු 12 දිනැති අංක 1979/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xi)  2016 අගෝස්තු 24 දිනැති අංක 1981/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xii) 2016 සැප්තැම්බර් 14 දිනැති අංක 1984/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරනු ලැබූ නියමයන්

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)   ගරු පාඨලී චම්පික රණවක මහතා       - පෙත්සම් තුනයි
(ii)  ගරු ගාමිණී ලොකුගේ මහතා              - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ දහනවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ත්‍රී රෝද රථ හා කුලී රථ රියදුරන් කලින් හඳුනාගැනීමේ ක්‍රමවේදයන්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1904 ට 2016 දෙසැම්බර් මස 5 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි