ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 දෙසැම්බර් මස 01 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-12-01

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)   ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා        - පෙත්සම් දෙකයි
(ii)  ගරු එස්. එම්. මරික්කාර් මහතා                   - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
කුමාර් ගුණරත්නම් මහතාගේ සිරදඬුවම් කාලය අවසන් වීමෙන් පසුව ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කියුබානු ජනරජයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත ගරු ෆිඩෙල් කස්ත්‍රෝ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2016 දෙසැම්බර් මස 2 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි