2016 නොවැම්බර් මස 30 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-11-30

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ලකී ජයවර්ධන මහතා            - පෙත්සම් දෙකයි
(ii)   ගරු නිහාල් ගලප්පත්ති මහතා     - පෙත්සම් දෙකයි
(iii)  ගරු බුද්ධික පතිරණ මහතා         - පෙත්සම් හයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉරණතිව් දූපතේ වෙරළාසන්න ප්‍රදේශයේ ධීවරයින්ගේ කටයුතු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2016 දෙසැම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.