2016 නොවැම්බර් මස 29 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-11-29

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ හයවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සුජීව සේනසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)   ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය        
(ii)  ගරු රංජිත් අලුවිහාරේ මහතා                     - පෙත්සම් පහයි
(iii) ගරු බුද්ධික පතිරණ මහතා                        - පෙත්සම් පහයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“දේශයේ පාරිසරික පර්ෂදය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මහවැලි සංවර්ධන හා පරිසර  අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“උතුරට සහ නැගෙනහිරට කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් පත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2016 නොවැම්බර් මස 30 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.