2016 නොවැම්බර් මස 28 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-28 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ
(ii) 2013 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ
(iii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ
(iv) 2014 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ
වාර්ෂික වාර්තා
(v) 2015 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ
(vi) 2015 වර්ෂය සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
ගරු බුද්ධික පතිරණ මහතා මහජන පෙත්සම් පහක් පිළිගැන්වීය.
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී කේ.එල්.එම්. සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට ගැනීම
(ii) ගරු අනුර දිසානායක මහතා
සීනි කන්ටේනරයක් තුළ තිබූ කොකේන් මත්ද්‍රව්‍යය තොගය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව
2017 විසර්ජන පනත් කෙටුම්පතේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2016 නොවැම්බර් මස 29 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.