ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 නොවැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-11-25

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ෆින්ලන්ත ජනරජයේ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මග හැරීම වැළැක්වීම සඳහා 2016 ඔක්තෝබර් 06 වැනි දින ඇතිකර ගත් ගිවිසුම

(ii)  2015 වර්ෂය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

“ගෙවල් කුලී පනත යටතේ නියෝග” සම්බන්ධයෙන්, සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු අජිත් පී. පෙරේරා මහතා                      - පෙත්සම් හතරයි
(ii)   ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා        
(iii)  ගරු බුද්ධික පතිරණ මහතා                        - පෙත්සම් පහයි  
     
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“හම්බන්තොට දිස්ත්‍රික්කයේ දඹරුල්ල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරු ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1857 ට 2016 නොවැම්බර් මස 26 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි