2016 නොවැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-24 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන සහ ගිණුම් වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) “ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියෝග”, “2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව” සහ “2014 වර්ෂය සඳහා පරමාණුක ශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව” සම්බන්ධයෙන්, බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) “2015 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව” සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලිත් ජයතිලක මහතා විසින් පිළිගන්වන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ “ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ)” සහ “මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳ වාර්තා ගරු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මහජන පෙත්සම් තුනක් පිළිගැන්වූවාය.
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
හිරිගල් කැඩීම පිළිබඳව
(ii) ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා ඛණිජ වැලි සමාගම පුද්ගලික අංශයට පැවරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව
2017 විසර්ජන පනත් කෙටුම්පතේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“නිවාස ඉදිකිරීම සහ වී වගාකිරීම සඳහා උතුරේ සහ නැගෙනහිර ඉඩම් යොදාගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2016 නොවැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.