2016 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-23 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
සජීවි විකාශනය සඳහා මාර්ගෝපදේශ
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) අටවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලගියවන්න මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) “තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ දකුණු ආසියානු ආයතනය (සයිටම්) ආදර්ශයක් ලෙස ගනිමින් පෞද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීම” සම්බන්ධයෙන් වූ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා මහජන පෙත්සමක් පිළිගැන්වීය.
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
අම්පාර දිස්ත්‍රික්කයේ තිඹිරිගොල්ල, වට්ටමඩු ප්‍රදේශයේ අක්කර 1000 ක් පමණ වූ වනාන්තර ප්‍රදේශය නීතිවිරෝධී ලෙස විනාශ කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව
2017 විසර්ජන පනත් කෙටුම්පතේ දහවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පවුල් කටයුතු පිළිබඳ කවුන්සිලයක් ඇති කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1913 ට 2016 නොවැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.