ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 නොවැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-11-22

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව-

  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ V කොටස;
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ I කොටස;
  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV හා V කොටස්, දෙවැනි කාණ්ඩයේ XVII කොටස හා තුන්වැනි කාණ්ඩයේ V කොටස; සහ
  • 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ I සහ II කොටස්,

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාල‍යේ
(ii)   2015 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

2017 අයවැයෙහි රාජ්‍ය මුදල්, මූල්‍ය සහ ආර්ථික උපකල්පන පිළිබඳ ඇගයීම සම්බන්ධයෙන් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු රවීන්ද්‍ර සමරවීර මහතා                    
(ii)   ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය     - පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වව්නියාව සහ සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අභ්‍යන්තර අවතැන්වූවන් සඳහා පහසුකම්

 

අමාත්‍යාංශ නිවේදන

ජෙරුසලමේ අල්-හරාම් ෂරිෆ් ප්‍රදේශයේ හා අවට ඊශ්‍රායලය විසින් සිදුරකගෙන යන හානිකර ක්‍රියාවලට විරෝධය පළ කරමින් පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවට යුනෙස්කෝ හි ශ්‍රී ලංකා නි‍යෝජිත පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2017) - කාරක සභාව

2017 විසර්ජන පනත් කෙටුම්පතේ නවවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“‘විගණන සේවා කොමිසම් සභාව’ නමැති යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වාසුදේව නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1851 ට 2016 නොවැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2017]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි