2016 නොවැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-18 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 සහ 2014 වර්ෂ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii) 1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ 2 වැනි වගන්තියේ 5 වැනි උප වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 43 වැනි වගන්තිය යටතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 අගෝස්තු 01 දිනැති අංක 1978/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලුවිහාරේ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ජෝන් අමරතුංග මහතා
(ii) ගරු පී. හැරිසන් මහතා
(iii) ගරු බිමල් රත්නායක මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු ඉෂාක් රහුමාන් මහතා
(vi) ගරු මුජිබුර් රහුමාන් මහතා - පෙත්සම් තුනයි
(vii) ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
(i) ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයේ කිරීමෙහි නිරත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා මෙහෙයුම් කල් බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීම සම්බන්ධයෙන් ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා විසින් පිළිතුරු සපයන ලදී
(ii) විදෙස් රටවල් සමඟ විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමට පෙර පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, ගරු මලික් සමරවික්‍රම මහතා විසින් පිළිතුරු සපයන ලදී
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී. එයට පක්ෂව ඡන්ද 162 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 55 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2017) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2016 නොවැම්බර් මස 19 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






